Connect with us

පුවත්

බස් ගාස්තු 4%කින් ඉහළ යයි

Published

on

ඩීසල් ලීටරයක මිල රු. 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (01) පැවසීය.

හෙට (02) මාධ්‍යම රාත්‍රීයේ සිට එම බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.

බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තුව රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් එකඟ වී ඇත. 

ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුවෙහි වෙනසක් නොවන බවත් සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

පුවත්

කුප්‍රකට වාහන ආනයන කරුවෝ පාරිභෝගිකයන් මුලාකරන දැන්වීම් දාලා – මහාචාර්ය වසන්ත

Published

on

By

වාහන ආනයනය පිළිබඳ අද රටේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව තමා කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. 

ඇතැම් කුප්‍රකට වාහන ආනයනකරුවන් ලබන වසරේ සිට වාහන ආනයනයට රජය අවසර දුන් බවට ප්‍රචාරය කර වාහන මිල දැක්වෙන වෙළෙඳ දැන්වීම්ද ප්‍රදර්ශනය කරන බව ඔහු කියා සිටී.

ඔවුන් ජනතාව තුළ වාහන ආනයනය කිරීමට ඉඩ ලැබී ඇති බවට අදහසක් ඇති කරනුයේ දැනට රට තුළ ඇති වාහන අඩු මිලකට මිලදී ගැනීම සඳහා උපක්‍රමයක් වශයෙනි. 

එහිදී අලුත් වාහන පිළිබඳ බලාපොරොත්තු දල්වා ගන්නා පෞද්ගලික වාහන හිමියන් තමන් පාවිච්චි කරන වාහන අඩු මිලට විකුණා දැමීමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇත.

රජය වාහන ආනයනයට මෙතෙක් අවසර දී නැති අතර අවසර දෙතොත් තීරු බදු විශාල ලෙස ඉහළ නංවා වාහන ආනයනයට අවසර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එවිට රට තුළ වාහන මිල ඉහළ යන අතර අඩු මිලට වාහන ලබාගෙන රැස්කරගෙන ඇති ව්‍යාපාරිකයන්ට තමන් ළඟ ඇති වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි කර විශාල ලෙස ලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාලනයකින් තොරව වාහන ආනයනයට අවසර නොලැබෙනු ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ රජය කළ යුතු වන්නේ පොදු වාහන ආනයනයට අවසර දී ජනතාවට සහන සැලසීම බවය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

ශ්‍රීලනිපය ඉස්සරහට පුටුවෙන්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු

මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ශවයන් සමග මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ගොනුව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ පළාත් පාලන මැතිවරණයට ‘පුටුව’ ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය මින් ඉදිරියට සියලු මැතිවරණ සඳහා ‘අලියා’ ලකුණින් පමණක් ඉදිරිපත්වීමට තීරණය කරීම නිසා බවද පැවසේ.

Continue Reading

පුවත්

සහල් ගැටලුවට ජනති තීන්දුවක් ගනියි!

Published

on

By

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. 

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන්  සමඟ  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (07) පැවැති සාකච්ඡාවේදීය.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බවද කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා  ව්‍යාපාරිකයන්ට  අඩු පොලී  පහසුකම් යටතේ බැංකු ණය  ලබා දී ඇති බවද සිහිපත් කළ  ජනාධිපතිවරයා,  එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල්  ව්‍යාපාරිකයන්ට පැවසීය.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

නාඩුසහල්කිලෝවකතොගමිලරුපියල් 225යි. සිල්ලරමිලරුපියල් 230යි
සුදුකැකුළුකිලෝවකතොගමිලරුපියල්  215යි . සිල්ලරමිල 220යි
ආනයනිකනාඩුසහල්කිලෝවකසිල්ලරමිලරුපියල්මිල 220 යිසම්බාකිලෝවකතොගමිලරුපියල්  235යි.  සිල්ලරමිලරුපියල්  240යි.  
කීරිසම්බාකිලෝවකතොගමිලරුපියල්  255 යි. සිල්ලරමිලරුපියල් 260යි

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී  සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය.

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා  ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved