ඩීසල් ලීටරයක මිල රු. 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (01) පැවසීය.
හෙට (02) මාධ්‍යම රාත්‍රීයේ සිට එම බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.
බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තුව රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් එකඟ වී ඇත.
ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුවෙහි වෙනසක් නොවන බවත් සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.