කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබූ සමයේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදගත් යතුරුපැදි මගින් රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය භාවිතය ආශ්රිත ප්රවණතා සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.
සංචරණ සීමා පැවතියද එම කාලයේදී රට තුළ මත්ද්‍රව්‍ය සංසරණය වීමේ අඩුවක් දක්නට නොලැබුණ බවද ජාවාරම්කරුවන් විශේෂිත ක්‍රම ඔස්සේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි ද එහි දැක්වේ.
කොළඹින් බැහැර ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යතුරුපැදි යොදාගෙන ඇති අතර, සැකසූ ආහාර ප්‍රවාහනය කරන යතුරුපැදිවලින් නිවෙස් වෙතටම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි ද අනාවරණය වී තිබිණි.
වෙනත් දිනවලට වඩා කොරෝනා වසංගතය පැවැති කාලයේදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවත් ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් බවත් පැවසේ.