තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඊයේ (09) දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
මෙරට වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ව්‍යාපාරික සහ රජයේ පාර්ශව රැසක් සමග ඔහු මෙම සංචාරය තුළ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරීත්වයේ අන්‍යෝන්‍ය වර්ධනයක් ඇතිකර ගැනීම, දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
පසුගිය 2020 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් ඔහුගේ වෙළෙඳ නියෝජිතයා ලෙස ඩේවිඩ් සාමිවරයා පත්කරනු ලැබීය.