බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිවසේ සේවයට ගිය තරුණයකුට නිවැසියන් විසින් හිරිහැර කරන ලද බවට වන චෝදනාවක් ගැන බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එහෙත් මේ ගැන අදාළ වින්දිත පුද්ගලයාගේ පාර්ශ්වය වෙනුවෙන් පොලිසියට පැමිණිලි කළ කාන්තාවකට පොලිසිය උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හා පොලිසියට දන්වන ලෙසයි.
තානාපතිවරුන්ට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමි නිසා මෙම උපදෙස දී ඇති බවද පැවසේ.
මෙම තරුණයා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රකට හෝටලයක සේවය කළ තැනැත්තෙකි.
මොහුට පෙර තානාපති නිවසේ සේවයට ගිය තරුණයකු ද සේවය අසතුටුදායක බව කියමින් මෙරටට එවන ලද බව වාර්තා වෙයි.
ඔහුට ද නිවැසියන් විසින් හිරිහැර කර ඇතැයි පැවසේ.
මූලාශ්‍රය – දේශය