සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාට තාවකාලිකව එම ධූරයෙන් ඉවත්වන ලෙස ලේක් හවුස් පාලන අධිකාරිය දන්වා ඇතැයි වාර්තා වේ.
මූල්‍ය අක්රමිකතාවන් කිහිපයක් සම්බන්ධයෙන් වන චෝදනා මත ඔහුට මෙසේ ඉවත්වන ලෙස දන්වා ඇතැයි ද පැවසේ.
මූල්‍ය අක්‍රමිකතා දෙකක් ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මේ වන විට ලේක්හවුස් මානව සම්පත් අංශය, රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් අභ්‍යන්තර විගණන අංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
සිළුමිණ කර්තෘ මණ්ඩලයෙන්ද ඔහුට විරෝධයක් එල්ලවී ඇති බව පැවසේ.
ධර්මන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්තයකු ලෙස සැලැකේ.