Connect with us

පුවත්

බැසිල් යළි රනිල් හමුවෙයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබේ.

පොදුජන පෙරමුණ සඳහන් කළේ, එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.

මෙහිදී, ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකත්ව පිළිබඳව සංවාදයකට අවධානය යොමුකිරීමට පෙර දැනට එක්ව සිටින කණ්ඩායම් සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියට කරගෙන යාම වඩා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

සාකච්ඡාවේ දී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණ මුල සිට ජනාධිපතිවරයා සඳහන් කළ ස්ථාවරයේ රැඳී සිටි බවයි.

ඒ තුළින් රටත් ජනතාවත් වඩාත් යහපත් තත්ත්වයකට රැගෙන යාමට හැකි බව ඒ මහතා එහිදි සදහන් කරන ලදී.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් කැඳවනු තුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබදව විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජය ගැනීමේ අරමුණ ප්‍රමුඛ කර ගනිමින් ඉදිරියට යා යුතු බවට දෙපාර්ශයම මෙහිදි එකගවී තිබේ.

මේ අතර හිටපු පළාත් පාලන නියෝජිතයින්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගි විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කර දීම පිළිබදව මෙහිදි ජනාධිපතිතුමන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.

එහිදි රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ අන්සියල්ලටම පෙර ඒ පිළිබදව තමන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබූ බවයි.

තවදුරටත් කල් නොදමා කඩිනමින් ඒ සම්බන්ධව ක්‍රියාකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් එහිදි ඉල්ලා තිබේ.

මැතිවරණය කල් දැමීම හේතුවෙන් පළාත් පාලන මහජන නියෝජිතයින් පත්ව සිටින විවිධ අසීරුතාවයන් පිළිබදව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි ජනාධිපතිවරයාට වැඩිදුරටත් සදහන් කර ඇත.

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් සිටින රතනහිමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ පාර්ශවයෙන් ජනපති අපේක්ෂකත්වය භාර ගැනීමට සුදානම් වී ඇති විජයදාස රාජපක්ෂ පිළිබදව ද මෙහිදි කරුණු සාකච්ඡා වී තිබේ.

ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හැකි ද යන්න ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ඒ ගැන අවසන් තීරණයක් ගැනීම තමන්ගේ රාජකාරීයක් නොවන බවයි.

නමුත් පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණයක් වන බැවින් අදාළ පූර්වාදර්ශයන් සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ග වෙත පක්ෂය මේ වන විටත් අවතීර්ණ වී අවසන් බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 3ක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved