Connect with us

පුවත්

ඉරාන ජනපතිගේ සංචාරයට කටුනායක අධිවේගය වසා දමයි

Published

on

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථවාහන සැලැස්මක් අද (24) ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඒ මහතා කියා සිටී.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සහය ලබා ගැනීමට නියමිත බවද පැවසේ.

මාධ්‍යයට ඊයේ රාත්‍රි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද පස්වරු 2 සිට 3 දක්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බවයි

එම කාලය තුළ අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

පුවත්

මීනී පෙට්ටි 50ක් බණ්ඩාරගම පොලිසියට ගෙනියයි

Published

on

By

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි පොහොට්ටුව නැවත ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවයි.

සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved