පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී නිමල් ලන්සා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විවේචනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ මෑතක සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම නිසාය.
ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇතැයි ද වාර්තා වේ .
නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද, එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර, පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, නිමල් ලන්සා මහතා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර, ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි පැවසේ.
කෙසේවුවද, ලංසා මෙසේ ජනාධිපති කාර්යාලයේ කාර්යාලයක් වෙන්කරගෙන සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුගේද විරෝධයට හේතුවී ඇති බව ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.