පුවත්

බිමල් පත්කල තුන්වැනි සභාපතිවරයාත් ඉල්ලා අස්වේ

Published

on

ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

විතාරණ මහතා නාවල විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන අතර ජාතික ජන බලවේග ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

ඇමැති බිමල් රත්නායක මහතා යටතේ ඇති ආයතනවල ඉල්ලා අස්වූ තුන්වෙනි සභාපතිවරයා වන්නේ විතාරණ මහතාය.

මීට පෙර රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් හා වෛද්‍ය රුවන් විජය මුණි මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූහ.

මූලාශ්‍රය  – ලංකාදීප

Trending

Exit mobile version