පුවත්

බිරිඳ මරා ගේ පිටුපස වලදාලා

Published

on

සිය බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මුල්ලියාවේලි නිරාවිපිඩ්ඩි ප්‍රදේශයේ සිය නිවසේදී බිරිඳ සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්ව බිරිඳගේ වයස අවුරුදු 22කි.

සිය දියණියගේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මව ඇගේ නිවසට ගොස් පරීක්ෂා කර දියණිය නොසිටීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

 සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනතුරුව කළ විමර්ශනවලදී ය.

එහිදි හෙළිවී ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රි කාන්තාව ඝාතනය කර ඇති බවයි.

මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ තැන්පත් කර තිබේ.  

Trending

Exit mobile version