පුවත්

“බීජිං සූර්යය මංගල්‍යය” දවස පුරා මිරර් වෙතින් සජීවී

Published

on

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන “බීජිං සූර්යය මංල්‍යය – 2023” අද (16) දවසපුරා බීජිං හි පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවත් වේ.

චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය අතරතුර හිස තෙල් ගෑමේ මංගල්‍යය සිදු කිරීමට ද නියමිතය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමට නියමිත අතර මේවන විට උන්වහන්සේ චීනයට වැඩමවා සිටිති.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ උත්සවයට සහභාගිවීමට නියමිතය.

“බීජිං සූර්ය මංගල්‍යය – 2023” සම්පූර්ණ දර්ශන සජීවී ලෙස ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කෙරේ.

එය බීජිං වේලාවෙන් පෙරවරු 9.30 ( ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.00 ට) ආරම්භවීමට නියමිතය.

මෙම සජීව විකාශයේ නිෂ්පාදන කටයුතු CCTV+ හා ශ්‍රී ලංකා මිරර් සමඟ එක්ව සිදු කිරීම විශේෂිතය.

මේ සජීවී විකාශයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම විසින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලාංකික ජනසිරිත් චීන ජනයා අතරට ගෙනයාම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබේ.

Trending

Exit mobile version