Connect with us

පුවත්

බෙන් මෙලර් ජනබලවේග නායකයා හමුවෙයි

Published

on

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ඊයේ (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්ත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික්  (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

පුවත්

ගජමුතු සමග හිමිනමක් මාට්ටු

Published

on

By

මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමිනම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබේ.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන පසුගිය 5 වැනිදා සිදු කල මෙහෙයුමකදි ගජ මුතු දෙක සහ සැකකාර හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.

ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර හිමිනම (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම ප්‍රසාන්ත විමලදාස යන මහතුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

අම්පාර උසාවියේ තිබූ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

Published

on

By



අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් අස්ථාන ගත වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් එලෙස අස්ථානගත වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.  

Continue Reading

පුවත්

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

Published

on

By

රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව පැවසේ.

අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved