Connect with us

පුවත්

බේරේ වැව සුද්ද කරන්න පිටින් ක්‍ෂුද්‍ර ජීවීන් දාන්නේ නෑ – ආශු මාරසිංහ

Published

on

බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කිසිදු ක්‍ෂුද්‍ර ජීවියකු වැවට පිටතින් ඇතුළු නොකරන බවත් ඒ සඳහා යොදාගනු ලබන්නේ ‘නැනෝ බබල්ස්’ නම් තාක්‍ෂණය බවත් සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගමේ දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd සමාගමේ සභාපති  හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බේරේ වැව සුද්ද කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමක් ‌වැවට මුසු කිරීමට නියමිත බවත්, ඒ් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බවට මාධ්‍ය පලකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

ජපන් ආධාරයටතේ සිදු කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය “බේරේ බේරාගමු ” ලෙස නම්කර තිබේ.

මේ අතර, ආශු මාරසිංහ මහතා එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙසේ ද පවසා තිබේ.

“පළවූ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොරයි. වැව පිරිසිදු කරන්න භාවිත කරන්නේ ‘නැනෝ බබල්ස්’ නම් අලුත් තාක්‍ෂණික ක්‍රමවේදයක්. එහිදී සිදුකරන්නේ ඔක්සිජන් වායුව වැව් ජලය තුළට ඇතුළු කර ජලයේ දූෂණය නැති කිරීමේ ක්‍රමවේදයක්. ඒ නැතිව කිසිම ආකාරයකින් බාහිරින් ක්‍ෂුද්‍ර ජීවීන් වැවට ඇතුළු කිරීමක් වෙන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය රජයේ අනුමත ව්‍යාපෘතියක්”

සබැඳි පුවත්

බේරේ වැව සුද්ද කරන්න ජෝජ් ලංකා අවිත් ඇත්ත‌ේ අනවසරයෙන්

බේරේ වැවේ ගඳ යවන්න සිංගප්පූරු සමාගමකට බාරදෙයි 

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved