බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කිසිදු ක්‍ෂුද්‍ර ජීවියකු වැවට පිටතින් ඇතුළු නොකරන බවත් ඒ සඳහා යොදාගනු ලබන්නේ ‘නැනෝ බබල්ස්’ නම් තාක්‍ෂණය බවත් සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගමේ දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd සමාගමේ සභාපති හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බේරේ වැව සුද්ද කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමක් වැවට මුසු කිරීමට නියමිත බවත්, ඒ් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බවට මාධ්‍ය පලකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
ජපන් ආධාරයටතේ සිදු කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය “බේරේ බේරාගමු ” ලෙස නම්කර තිබේ.
මේ අතර, ආශු මාරසිංහ මහතා එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙසේ ද පවසා තිබේ.
“පළවූ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොරයි. වැව පිරිසිදු කරන්න භාවිත කරන්නේ ‘නැනෝ බබල්ස්’ නම් අලුත් තාක්‍ෂණික ක්‍රමවේදයක්. එහිදී සිදුකරන්නේ ඔක්සිජන් වායුව වැව් ජලය තුළට ඇතුළු කර ජලයේ දූෂණය නැති කිරීමේ ක්‍රමවේදයක්. ඒ නැතිව කිසිම ආකාරයකින් බාහිරින් ක්‍ෂුද්‍ර ජීවීන් වැවට ඇතුළු කිරීමක් වෙන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය රජයේ අනුමත ව්‍යාපෘතියක්”
සබැඳි පුවත්
බේරේ වැව සුද්ද කරන්න ජෝජ් ලංකා අවිත් ඇත්තේ අනවසරයෙන්
බේරේ වැවේ ගඳ යවන්න සිංගප්පූරු සමාගමකට බාරදෙයි