Connect with us

පුවත්

බොරතෙල් මිල ඉහළට

Published

on

ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයකි.

මෙහි ඍජු බලපෑමක් විදියට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට ආසන්න මිලකට.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් අද ඩොලර් 75.50 ඉක්මවා ගියේය.

මැදපෙරදිග කලාපයේ තෙල් ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාවක් මේ විදියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට බලපා තිබේ.

කෙසේ නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නැහැ.

අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වේ.

එමෙන්ම තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඔපෙක් සංවිධානය ලබන සතියේ තීරණය කිරීමට නියමිතව තිබේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved