බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්.හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) දින සිට දින 20 ක කාලයක් ගත වන බවට කොළඹ නගර සභාව විසින් සිදු කරන ලද දැනුම් දීම මත කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබේ.
ඒ අනුව, එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසු දින අළුයම 05.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.