පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියානු හා රුසියානු සමාගම්වලට දුන් තීන්දුව රිවර්ස්වන ලකුණු!

Published

on

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු රුසියානු සමාගම් දෙකකට පැවරීමට ‍ගෙන ඇති තීරණය සම්බන්ධ‍යෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇතිබවයි.

එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහෙහුම්වල ලාභය බෙදා ගැනීම සම්බන්ධ කොන්දේසිද රජයට අවාසි දායක බවයි.

ඒ අනුව අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇති..

දැනට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට සතියකට එක් ගුවන් යානයක් පමණක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබස්වන බවයි.

මූලාශ්‍රය – News1st

Trending

Exit mobile version