පුවත්

මත්පැන්හල් ගැන තීන්දුවක්

Published

on

අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු රෙගුලාසි වලට පටහැනි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට තීන්දු කරන ලදී.

එම නියෝගය නිකුත් කළේ සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම හතරක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

මෙම නියෝගය නිකුත් කළේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

Trending

Exit mobile version