පුවත්

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක්

Published

on

මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (18) රාත්‍රී කාලයේ එම අනතුර සිදුව ඇති බව පොලීසය පවසයි.

කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී එම අනතුරක් සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, මාකොළ, දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version