ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.
ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්ය.
මේ අතර, මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදාර්ශනය කර තිබූ බව සදහන් වේ.
එහි “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන් එහි සඳහන් කර තිබූ බවද පැවසේ.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 08 වැනිදා වෙඩිතබා ඝාතනය කෙරුණි.
ක්ලබ් වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළේය.
එහිදී ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ තිබුණි.
ඔහුට අවසන් ගෞරව සඳහා සමීපතමයන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.