පුවත්

මන්ත්‍රි ඝාතන, DNA පරීක්ෂණවලට රසායනික ද්‍රව්‍ය නැහැ

Published

on

අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල ඝාතනයේ විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (13) අනාවරණය විය. 

මේ හේතුවෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්හ.

මන්ත්‍රිවරයාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ විභාගයට ගැනුණු අතර සිද්ධියට අදාළ සැකකරුවන් හතළිස් දෙදෙනාද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විත්තිකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය පෙබරවාරි මස 27 දක්වා කල් තැබිණි.

මේ බව අනාවරණය වූයේ මෙම විත්තිකරුවන් අත්තනෝමතිකව රඳවා තබාගැනීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වීමත් සමගය.

Trending

Exit mobile version