පුවත්

මන්ත්‍රීවරුන් අතරින් ශූරතාව දිනූ කොට්ටහච්චි

Published

on

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැති වාර්ෂික ක්‍රීඩා උත්සවයේ මේස පන්දු තරගයට සහභාගීව එහි ශූරතාවය ලබාගත් බව ජාතික ජනබලවේගය පක්ෂයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය එහි  අනුශූරතාවය හිමිකරගෙන තිබේ.

යුගල තරගය සඳහා ද තමන් චතුරංග අබේසිංහ මන්ත‍්‍රීවරයා සමඟ සහභාගීව ශූරතාව ලැබූ බවත් මන්ත්‍රීවරිය  සඳහන් කර තිබේ.

ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වු බවද එහි සඳහන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ෆේස්බුක් සටහන පහතින්,

Trending

Exit mobile version