දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණය විසින් විදෙස් ගත වීම වැලැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ පසුගියදා යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුර දී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමග ද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙනි.