නුවරඑළිය මන්ත්රී නිවාඩු නිකේතනය නොහොත් සෙන්පති නිවසේ (General’s House) පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්රීවරයකුගේ හිතවතුන් පිරිසක්, එහි පාලකයන් විසින් ආපසු හරවා එවා ඇතැයි වාර්තා වේ.
කිසියම් මන්ත්රීවරයකුට හෝ මන්ත්රීවරයකු සමග පැමිණෙන පවුලේ ඥාතීන්ට පමණක් එම නිවාඩු නිකේතනයේ ලැගුම් ගත හැකි වන අතර, මෙම පිරිස එහි පැමිණ ඇත්තේ මන්ත්රීවරයකු සමග නොවන බැවින් ඔවුන්ව හරවා යැවීමට එහි පාලකයන් කටයුතු කර ඇතැයි පැවසේ.
මෙම මන්ත්රී බංගලාව වෙන් කර ගන්නේ නම් අදාල මන්ත්රීවරයා අනිවාර්යයෙන්ම එහි සිටිය යුතු බවට නීතියක් පාර්ලිමේන්තු ප්රධානීන් විසින් මෑතකදී පනවනු ලැබීය.
මෙම මන්ත්රී බංගලාව වෙන්කළ ඇතැම් මන්ත්රී හිතවතුන්, එහි ලැගුම්ගෙන සිටි සෙසු මන්ත්රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වන ආකාරයට හා නිදහසට බාධාවන අන්දමින් හැසිරී ඇති බවට මන්ත්රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම නවාතැන් බංගලාව මෙය වන අතර, මන්ත්රීවරයකු වෙනුවෙන් මෙහි එක් කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් දහසකි.
මේ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීද පසුගියදා දීර්ඝව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.