මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.