Connect with us

පුවත්

මන්නාරම රදගුරු හිමි ජනපති හමු වෙයි

Published

on

මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැණුවත් කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළේය.

මඩු වන්දනාවේ පැමිණෙන බැතිතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

ජොයිස් පෙපි සොසායි (Joyce Peppi Sosai Santia) පියතුමා, ඇන්තනී සොසායි පියතුමා (Antony Sosai) ඇතුළු පියතුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved