Connect with us

පුවත්

මනූෂගේ වැඩිපඩි වැඩෙන් වතු කම්කරුවා කබලෙන් ලිපට වැටෙයි?

Published

on

මේ වනවිට තේ දලු නිෂ්පාදනය සියයට 23කින් අඩුවී ඇති බවත්, වැඩි කරන ලද වැටුප ගෙවීමට නොහැකි වීමෙන් කුඩා පරිමාණ තේවතු හිමියන් බොහෝ දෙනකු තේ කර්මාන්තය අතහැර දමනු ඇතැයි ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා කියයි.

මෙම වැටුප් ගැටලුව නිසා ලෝක වෙළෙඳපොළේ මෙරට තේ සඳහා පවතින ඉල්ලුම සියයට 5ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි ද ඔහු කියා සිටී.

එසේම ලංකාවට තිබූ තේ ඇණවුම් කීපයක් ප්‍රතික්ෂේප කර වෙනත් රටවල්වලට ලබාදී ඇති බවත් ඔහු පවසයි.

වැවිලිකරුවන් වැටුප් වැඩි කිරීමට අදාළව සහනයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන බවත්, ඉන් සහනයක් නොලැබුණහොත් අදාළ වැඩි කරන ලද වැටුප ජූලි මස 10 වැනිදා ගෙවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

තේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 1,092ක් පමණ වන බවත්, වැඩි කරන ලද වතු කම්කරු වැටුප සමග තේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 1,450ක් දක්වා ඉහළ යන බවත්, ඉකුත් වසරේ (2023) දෙසැම්බර් මාසයේදී තේ කිලෝවක් ලෝක වෙළෙඳපොළට අලෙවි කෙරුණේ රුපියල් 1,072කට බවත් ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ මෙරට තේ කිලෝවක මිල රුපියල් 1,500ක් දක්වා ඉහළ ගියහොත් සහ වතු කම්කරුවකු දෛනිකව නෙළන තේ දලු ප්‍රමාණය කිලෝ 27ක් දක්වා ඉහළ දැමුවහොත් කිසිදු ගැටලුවකින් තොරව වැඩිකළ වැටුප ගෙවීමට සමාගම්වලට හැකියාව ඇති බවද ඒ මහතා පවසයි.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වසරකට තේ කිලෝ මිලියන 600ක් නිෂ්පාදනය කරන බවත්, එහි වතු කම්කරුවකු දෛනිකව තේ දලු කිලෝ 34ක් නෙළීමට කටයුතු කළද, මෙරට වතු කම්කරුවකු දෛනිකව නෙළන තේ ප්‍රමාණය කිලෝ 18ක් බවත් ඔහු කීවේය.

වතු කම්කරුවාගේ වැඩකරන දින කප්පාදුවකට සැරසෙයි

මේ අතර, වතු කම්කරුවන්ට රජය වැඩි කළ දෛනික වැටුප ගෙවීමට සිදුවුවහොත්, ඉන් සිදුවන අලාභය අවම කර ගැනීම සඳහා වතු කම්කරුවන්ගේ මාසික වැඩ කරන දින ගණන අඩු කිරීමට වතු සමාගම් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

වතු කම්කරුවන් සඳහා වැඩි කරන ලද රුපියල් 1,700 ක වැටුප ඉකුත් මැයි මස 21 වැනිදා සිට ගෙවන ලෙස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතත්, එම වැඩිකරන ලද වැටුප මැයි මාසයට එකතු කර නැතැයි කඳුකරයේ වතු කම්කරුවෝ කියා සිටිති.

රජය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය බලරහිත කරන ලෙසට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි අතර, එම අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා තේ වතු සමාගම් විසින් ඉකුත් මාසයේ 21 වැනිදා සිට වැඩි කරන ලද වැටුප වතු කම්කරුවන්ට ගෙවිය යුතු බව වතු වෘත්තිය සමිති නායකයෝ කියා සිටිති.

කෙසේවුවද, වතු හාම්පුතුන් කියා සිටින්නේ වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබෙන නඩුවට අනුව, වැඩි කළ වැටුප ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළහොත් ඊට ගරු කරමින් ජූලි මස 10 වැනිදා අදාළ හිඟ මුදල්ද සමග වැඩි කළ වැටුප ගෙවීමට කටයුතු කරන බවය.

මාතලේ ප්‍රදේශයේ රජයට අනුබද්ධ තේ වතු සමාගමක් විසින් වතු කම්කරුවකුට රු. 1700 වැටුප පෙරේදා (10) ගෙවා ඇති බවත්, එම වැටුප ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදී ඇති බවත් උඩරට තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන් කියා සිටිති.වතුකම්කරු වැඩිකලාට ගිල්බට්ගේ ප්‍රසාදය

මේ අතර, ශ්‍රී ලංකාවේ වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo, ශ්‍රී ලංකාවට සිය ප්‍රසාදය පළ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය වරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජිනීවා නුවරදී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ෂික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී කම්කරු අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාවක් පෙරේදා (10) පැවැත්විණි. 

එහිදී මෙම අගය කිරීම සිදු කළ බව එම නිවේදනයේ දැක්වේ.

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved