හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා ලෙස කටයුතු කල කාලසීමාවේදී සිදුවෙතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි මේවනවිට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගලා එමින් පවතින බව වාර්තා වේ.
පසුගිය දා විවිධ මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ හා ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි අනාවරණය වූ තොරතුරු අනුව රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ චෝදනා ද ඒ අතර වේ.
මේ අතර අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත කුමාර මහතා විසින් ඊයේ (26) දිනයේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් 500කින් කෝටි 4.5 ක මුදලක් වැඩිපුර අයකර වංචාවක් සිදුකිරීම හා විදෙස් ශ්‍රමිකයන්ට තීරුබදු රහිතව විද්‍යුත් වාහන ආනයනයට දුන් බලපත්‍ර 1000ක් අවභාවිතා කර වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත්ව ඇත.
පැමිණිලි ගොණු කරමින් මෙම ක්‍රියාවට සම්බන්ධ දේශපාලකයින් හා නිළධාරීන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඉල්ලීමක් සිදුකර තිබේ.