Connect with us

පුවත්

මම අකමැතිම දේ දේශපාලනය – දිලිත් ජයවීර

Published

on

‘‘මම අකමැතිම දේ දේශපාලනය. හැබැයි මට එන්න වුණා. කුඩා කල සිටම අපි දැක්කා මේ දේශපාලනය තමයි අපේ ජීවිතය මෙහෙයවන්නේ කියලා. අපි උත්සහා කළා විවිධ විදියට මේ රටේ අනාගතය වෙනස් කරගන්න. අපි විවිධ පක්ෂ හා කණ්ඩායම්වලට උදව් කළා. නමුත්, අපි කරපු ඒ කැපකිරීම්වලට ලැබුණේ මඩ. ඇගයීම් නොවේ. අපි දීර්ඝ ගමනක් ආවා. තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා’’යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඊයේ (10) පැවැති ‘ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා’ මැයෙන් පැවැති රැස්වීම අතරතුරදීය.

සෑම පුරවැසියකුටම කේත අංකය නිකුත් කළ දවසට ශ්‍රී ලංකාවේ දූෂණය නවතින බවත් එය ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර කළ යුතුම දෙයක් බවත් හෙතෙම එහිදී කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

‘‘පෙට්ටි කඩේ රොටි කාපු දිලිත් තමා තවම ඉන්නේ. ටික්ටොක් එකට රඟපාන දිලිත් නොවේ. අපි දීර්ඝ ගමනක් ආවා. තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මම පෞද්ගලිකව විශාල කැපවීමක් කළා. ගොඩක් මහන්සි වුණා. සෙසු රාජපක්ෂවරුන්ගේ තියෙන දූෂිත බව ඔහු තුළ නැති නිසා මම ඔහුට උදව් කළා. ඔහු වෙනුවෙන් නිර්මාණශීලි සන්නිවේදනයක යෙදුනු පුද්ගලයෙක් මම. ඔහු ඒ පුටුවෙන් නැගිටලා යනකොට හෝ එළවනකොට ඉන් මතු වූ යථාර්ථයට මුහුණ දීමට ඔබ වෙනුවෙන් යමක් කිරීමේ වගකීමක් මට තියෙනවා. මම අකමැති දේශපාලනයට මම ආවේ ඒ හේතුව නිසයි.

මේ රට වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම අපි කරනවා. අද ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ටික එකට එකතුවෙලා තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ ලංකාවේ වඩාත්ම දූෂිත පාලනය සිදුවෙන්නේ දැන්. ඔක්කොම යාළුවෝ මල්ලි. අද ලංකාවේ විරුද්ධ පක්ෂයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා යම් යම් තීන්දු තීරණ අර ගනිමින් සාම්ප්‍රදායක කතාන්දරය ඇතුළෙම මේක විසඳගන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණේ ඔහුගේ සහෝදරයා බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බෑණාට ඔහු ගෙදර යවන්න අවශ්‍ය වූ නිසයි. අරගලය වෙන කතාවක්. මට එහෙම සහෝදරයන් නැති නිසා මට ඒ ගැටලුව එන්නේ නැහැ. ඔබ මා ජනාධිපති කළොත් අපි නව පාර්ලිමේන්තුවක් ඇති කර ගත යුතුමයි. අපි ලබන 27 වැනිදා ඉදිරිපත් කරනවා දින වකවානු සහිත උපායමාර්ගික වැඩපිළිවෙළක්. එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ. ලංකාවේ මෙතෙක් කල් තිබුණේ ප්‍රතිපත්ති ප්‍රකාශ. ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නේ නොකෙරෙන විදිය පොතක සටහන් කිරීමයි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved