හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිළුවක් යැයි හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.
විහිළු මගින් සමාජය හිනස්වන උදවිය මෙවැනි ප්‍රචාර කරමින් තමා පිළිබඳ වැරදි මත පතුරවමින් සමාජය නොමඟ යවන නමුත් ඒවාට නොරැවටෙන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍යවල පළවන අදහස් සම්බන්ධයෙන් අලස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා එම අදහස් පළ කළේය.
මූලාශ්‍රය – දිවයින