සමහරු තමාට ‘ඩීල් කාරයෙක්’ යනුවෙන් පවසන බවත්, ඩීල් යන වචනය ලෝකේ තිබෙන වැදගත්ම වචනයක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කලේය.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,
“සමහර අවස්ථාවල අපි ෆේස්බුක් එකේ දැම්මාම කියනවා පිං ජනාධිපති කියලා. ඔව් පිං තමයි, පිං නැත්තම් කොහොමද එතනට යන්නේ. දැන් කල්පනා කරලා බලන්න එතුමා අරගෙන අවුරුදු 2යි. බලන්නකෝ පුණ්‍යවන්තකම. තද නියඟකුත් නෑ. තද වැස්සකුත් නෑ.විදුලියත් තියෙනවා. වතුරත් තියෙනවා. දැන් සමහර අය කියනවා වජිර ඩීල් කාරයෙක් කියලා. ඔව් මම හොද ඩීල් කාරයෙක් තමයි.දන්නේ නෑනේ ඩීල් කියන වචනයේ තේරුම.ඉස්සෙල්ලා ඒක හොයාගන්න එපැයි.ඒක ලෝකේ තියෙන වැදගත් වචනයක්. මේගොල්ලෝ පිං කියලා හිතන්නේත් ඒක නරක වචනය්ක් කියලා. එතුමා කරගත්තු පිංකම මෙලෝ වශයෙන් මහා විශාල පිංකමක් කරගෙන ඉන්නේ.”