පුවත්

මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාර්ය කාර්යක්ෂම කරන්න යයි

Published

on

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාර්ය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

දැනට පත්කර ඇති සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හා හඳුනාගත් රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත්, ද්වීභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද්වීභාෂා මරණ පරීක්ෂකවරුන් පත්කිරීමටත්, තවදුරටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීම් සිදුකිරීමටත් අදාලව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අනුමැතිය හිමිවී තිබේ.

Trending

Exit mobile version