පුවත්

මස්තාන් හා රිෂාඩ්ගේ ආධාරකරුවන් අතර ගැටුම (වීඩියෝ)

Published

on

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවැති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව පැවතිණ.

රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් ගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් ගමන්ගත් වාහනය වෙත පහරදී තිබිණ.

අදාළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර, වවුනියාව පොලිසිය හා නෙලුක්කුලම පොලිසිය මැදිහත්ව ගැටුම සමථයකට පත් කළ බවද පැවසේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version