පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවයි

Published

on

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් අද (31) උදෑසන 10ට මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

කොමිසමේ රාජකාරියට බාධා කිරිම, පනත යටතේ වරදක් වන අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමසීම පැවැත්වෙන බවට වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආගමන විගමන පාලක, ආගමන විගමන සහකාර පාලක ඇතුළු 5 දෙනෙක් මෙලෙස කැඳවා තිබේ.

Trending

Exit mobile version