පුවත්

මහනුවරට යවන්න තිබූ රට බීම හා සිගරට් තොගයක් අල්ලයි

Published

on

රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි

සැකකරු භාරයේ තිබී විදේශිය මත්පැන් බෝතල් 210 ක් විදේශීය දුම්වැටි 50000 ක් මේ පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයකු විවිධ ප්‍රදේශවලින් එකතු කරන ලද මත්පැන් සහ දුම් වැටි තොගයක් මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා  සූදානම්ව සිටින බවට පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරකට අනුව ගැටලීම සිදුකළ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ දහය  පදිංචි 54 හැවිරිදි  පුද්ගලයෙකි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

(සිළුමිණ)

Trending

Exit mobile version