පුවත්

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Published

on

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29)  දහවල් 12 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසයි.

නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ තැන්නේකඹුර, විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, බහිරවකන්ද, ගුරුදෙණිය සහ අම්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන බවය.

 ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක සිදුවු පිපිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.

කෙසේවෙතත්, අද දහවල් 12ට පෙර ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවද නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

Trending

Exit mobile version