Connect with us

පුවත්

මහනුවර මහයියාවේ ප්‍රසිද්ධ බිංගෙය අනතුරේ! (ඡායා)

Published

on

මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන A9 මාර්ගය අසල පිහිටි සුප්‍රසිද්ධ මහයියාව බිංගෙය ආසන්නයේම පිහිටි ඉඩමක් කොටස්කර විකිණීමට සකස් කිරීමෙන් අදාළ බිංගෙයට හානි ඇතිවීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ් මහයියාව බිංගෙය අසල සිට මහනුවර පුද්ගලික නර්සිංහෝම් (කැන්ඩි ප්‍රයිවට් හොස්පිට්ල් – KPH) ගොඩනැගිල්ල දක්වා පිහිටි දැඩි බෑවුම් සහිත ප්‍රදේශය නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගත් ප්‍රදේශයක් වීම නිසාය.

එම ප්‍රදේශය තුල ගොඩනැගිලි වැනි ඉඳිකිරීම් සඳහා හෝ වෙනත් එවැනි සංවර්ධන කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), නාගරික සංවර්ධණ අධිකාරිය (UDA) වැනි අදාල ආයාතන මගින් අවසර නොදෙන අතර එවැනි කිසිම කටයුත්තක් සඳහා දිරිමත් කිරීමක් නොකරන බවට එම ආයාතන මගින් මෙතෙක් නිකුත් කර ඇති වාර්තාවලින් ද පැහැදිළි වේ.

ඉතා සුළු වර්ෂාවකට පවා මෙම බෑවුම් ප්‍රදේශයේ, විශේෂයෙන් මෙම ඉඩමේ පස් කැඩී පහලට වැටෙමින් පවතින බවද පැවසේ.

ප්‍රශ්ණගත ඉඩමට යාව ඊට පහලින් පිහිටා ඇත්ත‌ේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන විකිණීමේ ආයාතනයට අයත් ස්ථානයක් වන අතර ඔුවුන්ද මේ සම්බන්ධයෙන් පැමිණිළි කර ඇතැයි වාර්තා වේ.

මේ ඉඩම් කට්ටි කිරීමේ කටයුත්ත ප්‍රසිද්ධ නීතීඥයකු මැදිහත්ව සිදුකරනු ලබන අතර අදාළ ඉඩම සිංගප්පූරුවේ පදිංචි අයකුට අයත්වූවක් බවද පැවස‌ේ.

මේ සම්බන්ධ තවත් විස්තර පසුවට.

Thank you for your support .Lets do what we can to protect our environment .

පුවත්

පළාත් පාලන නියෝජිතයන් ගැසට් කිරීම: ලැයිස්තුව ලැබෙන පිළිවෙලටයි

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව පක්ෂ හා කණ්ඩායම් ලේඛන ලබා දෙන පිළිවෙල අනුව එම නම් ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම ලැයිස්තු ලැබෙන පරිදි තේරි පත්වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය කෙසේදැයි පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇති බවද  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවසන ලදී.

මේ වන විට එම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතන සභා ජුනි 2 වන දා වන විට ආරම්භ කිරීමට හැකි වන පරිදි මැතිවරණ පවත්වා තම කාර්යභාරය අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් දින 07ක් ඇතුළත එවන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

Published

on

By

පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් වෙත වට්ස්ඇප් සමූහයක් ඔස්සේ යොමු කළ බව කියන පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික දුරකථනය යොදාගෙන CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා පොලිසියේ රාහස්‍යභාවය ආරක්ෂා නොකරමින් පොලිස් නිලධාරීන් පමණක් දැන ගත යුතු කරුණු පිටස්තර පුද්ගලයන් දැනුවත් වෙන අයුරින් කටයුතු කරමින් වගකීමකින් තොරව, විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම වැඩ තහනම සිදුකර තිබේ.

Continue Reading

පුවත්

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය අද

Published

on

By

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අද  (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.

විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් විය.

අද වෙන්දේසි වන මෙම වාහන අතර,

  • බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්
  • ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්,
  • හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්,
  • ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්,
  • මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්,
  • නිසාන් පෙට්‍රල් රථ 03ක්,
  • නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්,
  • පෝර්ෂ්  කේයින් මෝටර් රථ 01ක්,
  • ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්,
  • ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්,
  • වී 08 රථ 06ක්,
  • මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved