පුවත්

මහපොළ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය

Published

on

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි වාර්තා වේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය ලෙස මේ වන විට මාසිකව රුපියල් 5000 බැගින් ලබා දෙයි.

එය ලබන අප්‍රේල් මාසයේදී රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමට පසුගිය සැපතැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට පෙර යෝජනා කර තිබුණි.

රුපියල් 5000 බැගින්  මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට මේ වන විට වාර්ෂිකව රුපියල් කෝටි 300ක් පමණ වැය වන අතර එය රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ.

කෙසේවෙතත් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අපේක්ෂාව වී ඇති අතර ඒ සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.

Trending

Exit mobile version