මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු ඊයේ (23) සවස හදිසියේම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි අයෙකි.
ඔහු මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු වශයෙන් තේරී පත් වී දේශපාලන කටයුතු ආරම්භ කළ අයෙකු වන අතර මෙවර ඔහු යාපනයේ උඩුප්පිඩි ආසනය සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් තරග කර ඇති බව වාර්තා වේ.
දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර පසුව ඔහුගේ තත්ත්වය උග්රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
එහි ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.