පුවත්

මහයියාවේ සිවුදරු පියකු ලීසිං ගෙවාගන්න බැරුව සියදිවි නහගෙන

Published

on

ලීසිං වාරික ගෙවීමට නොහැකිව ත්‍රිරෝද රථය පැහැර ගත්තේයැයි සිත් තැවුලට පත්ව මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයකු සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.

දියණියන් දෙදෙනකුගේ හා පුතුන් දෙදෙනකුගේ පියකු වන  එස්. ප්‍රියංකර නමැත්තෙක් මෙසේ සියදිවි නසාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ කුවේට්හි රැකියාවක නිරතව සිට පසුගිය දෙසැම්බර් මස දිවයිනට පැමිණ තිබෙන බවත් ඒ වන විට ලීසිං වාරික ගෙවීමට නොහැකිව රුපියල් ලක්ෂ 05 ක පමණ හිඟ මුදලක් තිබීම හේතුවෙන් ඔහුගේ ත්‍රිරෝද රථය රැගෙන යන බවට අනතුරු අඟවා තිබී ඇති බවත් මරණ පරීක්ෂණයේ දී හෙළිව ඇත.

සති කිහිපයකට පෙර ද ඔහු සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සදික් සිද්ධික් විසින් සිදුකර තිබේ. 

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි සැලකිල්ලට ගත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්.බී. විජේකෝන් මෙය සියදිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version