පුවත්

මහල් නිවාස සංකීර්ණයකින් වැටී දැරියක් මරුට

Published

on

බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දැරිය බොරැල්ල – සර්පන්ටයින් පාර, ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version