Connect with us

පුවත්

මහළු අමාත්‍යංශ උපදේශක ජපන් උගන්වන ගුරුවරියකට හදිකරන්න හදලා

Published

on

රජයේ ප්‍රබල අමාත්‍යාංශයක උපදේශක ආචාර්යවරයෙක් විසින් ජපන් භාෂාව උගන්වන තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අගතියට පත් කළුතර ප්‍රදේශයේ පදිංචි ගුරුවරිය විසින් කළ පැමිණිල්ලක් අනුවය.

හැත්තෑ හැවිරිදි අදාළ උපදේශකවරයා පැමිණිලිකාර ගුරුවරිය පෙරේදා  (16) කොළඹ මහජන පුස්තකාලයේ දේශනයක් සිදුකිරීමට යැයි පවසා ගෙන්වාගෙන ඇති අතර, ඇය කොළඹට පැමිණිමෙන් පසු දේශනය අවලංගු කර ඇති බව දැනුම්දී තිබේ.

ඇයගේ දේශනවලට අදාල  පරිඝණක ඉදිරිපත් කිරීමේ  (presentation)  අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරැදි කිරීමට තමා සමග එන්නැයි පවසා උපදේශකවරයා පදිංචි මොරටුව ප්‍රදේශයේ නිවසට ඇය කැටුව ගොස් ඇති බව සඳහන් වේ.

එහිදී ගුරුවරියව දෙමහල් නිවසේ ඉහළ මාලයට කැටුව ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත්,  ඇය එයට විරෝධයපා ඔහුගෙන් මිදී,  නිවසට ගොස්  සිය පියා සමග පැමිණ මේ පැමිණිල්ල්ලකර ඇති  බවත් පොලිසිය කීය.

පොලිසිය සැකකාර ආචාර්යවරයා ද කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved