රජයේ ප්‍රබල අමාත්‍යාංශයක උපදේශක ආචාර්යවරයෙක් විසින් ජපන් භාෂාව උගන්වන තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ අගතියට පත් කළුතර ප්‍රදේශයේ පදිංචි ගුරුවරිය විසින් කළ පැමිණිල්ලක් අනුවය.
හැත්තෑ හැවිරිදි අදාළ උපදේශකවරයා පැමිණිලිකාර ගුරුවරිය පෙරේදා (16) කොළඹ මහජන පුස්තකාලයේ දේශනයක් සිදුකිරීමට යැයි පවසා ගෙන්වාගෙන ඇති අතර, ඇය කොළඹට පැමිණිමෙන් පසු දේශනය අවලංගු කර ඇති බව දැනුම්දී තිබේ.
ඇයගේ දේශනවලට අදාල පරිඝණක ඉදිරිපත් කිරීමේ (presentation) අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරැදි කිරීමට තමා සමග එන්නැයි පවසා උපදේශකවරයා පදිංචි මොරටුව ප්‍රදේශයේ නිවසට ඇය කැටුව ගොස් ඇති බව සඳහන් වේ.
එහිදී ගුරුවරියව දෙමහල් නිවසේ ඉහළ මාලයට කැටුව ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත්, ඇය එයට විරෝධයපා ඔහුගෙන් මිදී, නිවසට ගොස් සිය පියා සමග පැමිණ මේ පැමිණිල්ල්ලකර ඇති බවත් පොලිසිය කීය.
පොලිසිය සැකකාර ආචාර්යවරයා ද කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.