පුවත්

මහින්දට රට යන්න අවසර

Published

on

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට ලබන 20දා – 31දා දක්වා දින 10ක කාලයකට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) අවසර ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකකට යටත්ව විදේශගත වීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ,  නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුට පසුගිය මැයි 12දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවේ පසුගිය මැයි 09දා අරලියගහ මන්දිරයට රැස්වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගාලුමෝදර අරගල භූමියේ රැස්ව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂීය ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

Trending

Exit mobile version