ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01) ඉල්ලා අස්කරගෙන තිබෙන බවට වාර්තා වේ.
මෙම සිදුවීමෙන් පසුව සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා ලිඛිතවද, ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලිසියට ගොස් මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.
පසුව මෙම සිදුවිම සම්බන්ධයෙන් ඒ අසල රැඳී සිටි මන්ත්‍රිවරුන් තිදෙනකුගෙන්ද කොටුව පොලිසිය ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.
මේ අතර පහරදී තමන්ට තුවාල සිදුකළ බවට ජනමාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය මස 14 වැනිදා පැවසීය.
සබැඳි පුවත්
මහින්දානන්ද, ගුණතිලක ගුටි කෙළිය
මහින්දානන්ද නිදැල්ලේ පහර කෑ මන්ත්‍රී ගුණතිලක දැඩි සත්කාර ඒකකයේ!