පුවත්

මහ බැංකුවේ හිරවුණ Onmax DT සල්ලිවලටත් ‌සොරි

Published

on

මහ බැංකුව විසින් රදවාගනෙ ඇති රුපියල් කෝටි 3000 කට ආසන්න පිරමීඩ ආකාරයට තැන්පත් කර ඇති ගිණුම්වල මුදල් ණය ප්‍රතිවිහුහගත කරනය යටතේ ඒවාට ආයෝජනය කර ඇති අයට අහිමිවිය හැකි බව ශ්‍රී ලංකා පිරමීඩ විරෝධී බලකායේ කැඳවුම්කරු තරිඳු රත්නායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පිරමීඩ විරෝධී බලකාය පෙරටු කර ගනිමින් ඊයේ (27) දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලයට සාකච්ඡාවක් සඳහා පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදීය.

තරිඳු රත්නායක මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් කියා සිටියේ පිරමීඩාකාර ගිනුම්වල මුදල් ගැන විමසීම සඳහා මහ බැංකුවෙන් අවස්ථාවක් ලබා නොදුන් බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඒ සඳහා අවස්ථාවක් ඉල්ලීමේදී මෙම කරුණ ලිඛිතව භාර දෙන ලෙස බලධාරියෙක් ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව ඔවුන් මෙම කාරණාව ලිඛිතව ජනාධිපති ලේකම් කාර්යාලට භාර දුන් බවද ඔහු වැඩිදුරටත් කීය.

මහ බැංකුව රදවාගෙන ඇති මුදල් අතර, මේවන විට වැඩිම පිරිසක් රැවැටී ආයෝජනය කර ඇති Onmax DT පිරමීඩ ජාවාරමේ මුදල් ද ඇතැයි  තරිඳු හෙළිකර සිටියේය.

Trending

Exit mobile version