පුවත්

මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

Published

on

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා ,

“මහ බැංකු බැඳුම්කර වංචාවට  සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියා. මේ පනත හරහා අධිකරණ ඇමතිවරයාට ක්‍රියාත්මක වන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම සීනි බදු වංචාවෙන් ජනතාවට රජයට වෙච්ච පාඩුවට වග කිවයුත්තන් අනාවරණය කරගෙන දඬුවම් දෙන්න බලයක් මේ පනතින් ලැබෙනවා.

Trending

Exit mobile version