Connect with us

පුවත්

මහ මැතිවරණය ලබන වසරේ!

Published

on

වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරණයද නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

Published

on

By

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස් වූහ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි. 

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දෙන ලදී. 

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ  නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading

පුවත්

වරෙන්තුකරුවන්  2,561 දෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන්  2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන 607ම සහ අනෙකුත් විශේෂ අංශයන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණයන් සහ අපරාධ සඳහා ඍජුව සම්බන්ධබවට හදුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සඳහා ජනවාරි 12වනදා මෙම මෙහෙයුම ආරම්භ කළේය.

ඒ අනුව ගත වූ දින 10 තුළ සිදුකරන ලද කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකී මේ බව පැවසීය.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන අපරාධ වැළැක්වීමේ මෙහෙයුම යටතේ පසුගිය ජනවාරි 12 සිට මේ දක්වා ගත වූ දින 10 තුළ පුද්ගලයන් පරීක්ෂා කිරීම් එක්ලක්ෂ 72,877 සිදුකර ඇත.

එහිදී ගිනි අවි 06ක් සිය භාරයට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඒ අතර ටී-56 3ක් හා පිත්තෝල 3ක් වේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය මෙහෙයුම යටතේ කේරල ගංජා කිලෝ 462ක්, 
හෂීශ් කිලෝ 15ක් හා අයිස් කිලෝ 8ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මීට අමතරව වාහන 64,258ක් පරීක්ෂාකර ඇත.

මෙය සාමාන්‍ය රථවාහන නිලධාරීන් සිදුකරන රථවාහන මෙහෙයුම්වලට අමතරව සිදුකරන ලද මෙහෙයුම්ය.

Continue Reading

පුවත්

මහින්ද වෙනුවෙන් විමල්

Published

on

By

වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉන්දියාව සමග කටයුතු කිරීම තුළින් මෙරට ජනතාවගේ දත්ත වෙනත් බාහිර පාර්ශ්වයන් අතට පත්වීමේ අවදානමක්ද පවතින බවය.

“ඩිජිටල් හැඳුනුම්පතක් ලංකාවට අනවශ්‍යයි කියන එක නෙමයි අපේ ස්ථාවරය. ඉන්දියානු සමාගමක් හරහා මෙය කරගැනීමට යෑමෙන් දතත් ඔවුන් අතට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන්ට රිස පරිද එම දතත්ත භාවිත කිරීම වළක්වන්නත් බැහැ.”

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිල නිවස සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඔබතුමා ඉන්නේ මොනවිදියේ මතයකද ?

“මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි ටෝක් එකක් දෙනවා. ඒ කෙන් අනික් ප්‍රශ්න අමතක කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුම් ගැන ප්‍රශ්න අමතක කරනවා. එට්කා ගිවිසුම ගැන ප්‍රශ්න අමතක කරවනවා. කයි පාලනය ඇවිල්ලා කවුරු හරි හිටපු රාජ්‍ය නායකයෙක් ගේ නිල නිවස ගන්න එක, ආරක්ෂකයෝ අයින් කරන එක, අපි කවුරු කැමති වුණත්, නැතත් පිළිගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්‍රස්තවාදය පරාජයට පත්කළා. එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැහැ. තවදුරටත් කයි නොදී මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න. නැත්නම් කයි පාලනයට වැඩිකල් දුවන්න වෙන එකක් නැහැ.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved