පුවත්

මහ සමන් දේවාලයේ නිලවරණයට තහනම් නියෝගයක්

Published

on

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11)  දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරුතහනම් නියෝගය නිකුත් කළේය.

අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

Trending

Exit mobile version